Polly po-cket

Madhura.Wap.Sh Madhura.Wap.Sh Madhura.Wap.Sh

HomeMadhura.Wap.Sh
මධුර.වැප්.එස්එච්
 

Web/Wap අඩවි හදන්න

මෙහෙමයි වෙබ්සයිට් එකක් නිර්මාණය කරගෙන මුදල් හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පහත තියෙන්නේ ඒ වෙබ් අඩවි වර්ග


01) Info / Service Websites
02) Buy & Sell Websites
03) eCommerce Websites
04) Business Websites


Info / Service websites


අපි හිතමු ඔබ ඉවුම් පිහුම් ගැන වෙබ්සයිට් එකක් නිර්මාණය කලා කියලා. අපි ඒ වගේ වෙබ් සයිට් වලට කියනව ඉන්ෆො වෙබ්සයිට් කියලා. මේකෙදි වෙන්නේ ඔබ පොස්ට් පල කරනවා කෑම හදන විදිහ ගැන. මිනිස්සු ඔයාගෙ වෙබ් සයිට් එකට එනවා උයන්න පිහන්න ඉගෙන ගන්න. මේක ප්‍රායෝගික දෙයක්. වර්තමාන ලෝකයේ බොහෝ දෙනා කරන්නේ යම් උවමනාවක් ඇති උනාම ඉස්සෙල්ලම ඔන්ලයින් සර්ච් කරන එක. ඉතිං මේ විදිහට ලොකු පිරිසක් ඔයාගෙ වෙබ් සයිට් එකට එකතු වෙනවා.


ඉතිං දැං තියෙන ප්‍රශ්නෙ තමා සල්ලි හොයන්නේ කොහොමද කියන එක.


ඔයාට පුළුවන් infolink හෝ Google Adsense වගේ දෙයක් මේකය සම්භන්ධ කරගන්න. ගූගල් ඇඩ්සෙන්ස් වගේ නම් කෙලින්ම ඔයාගේ වෙබ්සයිට් එකේ ඇඩ් පෙන්නනවා. එක ඇඩ් ක්ලික් එකකට අදාල සමාගමෙන් හෝ ඇඩ් එක දාන පුද්ගලයගෙන් මුදලක් අය කරනවා. ඉතින් මේ මුදලින් කොටසක් ඔයාට ඇඩ්සෙන්ස් එකෙන් ගෙවනවා. එන පිරිස වැඩිවෙන තරමට ඔයාට මුදල් ලැබෙනවා.


එතකොට මේ infolinks කියන එකෙන් වෙන්නේ ඔයාලගේ පොස්ට් එකේ වචන වලට ගැලපෙන ඇඩ් ඒ අය ලින්ක් කරනවා. කවරුහරි මේ ලින්ක් කරපු වචනයක් ක්ලික් කරාම එයාව වෙන ව්ව්බ් සයිට් එකකට අරගෙන ගිහින් ඔබට මුදලක් දෙනවා.


එහෙමත් නැතිනම් ඔයාට පුලුවන් වෙබ් සයිට් එකේ බැනර් ඇඩ් පෙන්නන්න. ඔයාගෙ පිරිස හැදුනම ඔයාට කරන්න තියෙන්නේ Advertise Here කියලා පොස්ට් එකක් දාන එක විතරයි. මේකත් ප්‍රායෝගිකවම වැඩ කරනවා. ඔයාට පුලුවන් එක ඇඩ් එකකට මාසෙකට රු.2500ක් වගේ චාර්ජ් කරන්න.


ඒ විතරක් නෙවෙයි. සමහර කොම්පැනි එයාලගේ භාන්ඩ විකුනගන්න ඔයාට මුදල් ගෙවයි. පොඩි ගානක් නෙවෙයි ලොකුම ලොකු මුදලක්. ඔබ නොදන්නවා වුනාට මේකත් හරිම ප්‍රායෝගිකයි. ගොඩාක් යූ ටියුබ් එකේ වීඩියෝ කරන අය මුදල් හොයන්නේ මේ විදිහට. ඒත් ඔයාට යූ ටියුබ් චැනල් එකක් කරනවානම් ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. මොකද එයාලා සපොන්සර් කරන්නේ ලොකු සස්ක්‍රයිබර්ස්ලා පිරිසක් ඉන්න චැනල් වලට. ඒත් වෙබ්සයිට් එකකදි එහෙම ඕන නෑ… වෙබ්සයිට් එකට මිනිස්සු එනවනම් එච්චරයි. ඉතින් ඊට පස්සේ තුපහ පැකට් එකේ ඉඳන් ඉලෙක්ට්‍රොනික් බඩු දක්වාම ඔයාට ස්පොන්සර් හම්බෙයි.


මං මේ දුන්නේ උදාහරණයක් විතරයි. ඔයාලට පුලුවන් ඕනම විදිහකට මේ වෙබ්සයිට් එක හදන්න. ඕනනම් ඔයාට පුලුවන් නිව්ස් හරි ගොසිප් හරි වෙබ් එකක් කරන්න. අපේ මිනිස්සු හරි දක්ශයි ගොසිප් හොයන්න. ඉතින් එයාලා ගොසිප් හොයන අතරේ ඔයාගේ පොකට් එකට මුදල් එනවා.


ඔයාට පුළුවන් ඕනම දෙයක් ගැන පොස්ට් හදන්න. කරන ඕනම දෙයක් සාර්ථක වෙනවා. අළුතින් දෙයක් කරන්න. මිනිස්සු නිතරම අළුත් දේවල් හොයනවා. අද ලංකාවෙව් වැඩියෙන්ම සල්ලි හොයන්නේ ගොසිප් සයිට්. කොටින්ම කියනවානම් හිරු ටීවී එකටත් ගොසිප් සයිට් එකක් තියෙනවා. ලෝකය කැරකෙන පැත්තට කැරකෙන්න.


Buy & Sell Website


ඔයාලා හැමෝම දන්නවා ඉකමන් ඩොට් එල් කේ කිව්වොත් මොකක්ද කියලා. අද හැමෝම ඔනම දෙයක් විකුනගන්න එන්නේ මේකට. ඒත් ඔයලා දන්නේ නැති දෙයක් තියෙනවා. ඉක්මන් එක ලංකාවේ ව්ව්බ්සයිට් එකක් නෙවෙයි. මේක පිට රට ආයතනයක එකක්. ඔතින් ඔන්න බලන්න අලුත් දෙයක් ලංකාවට ගෙනාව. දැං මිනිස්සුන්ට ඒක නැතුවම බෑ. දැං ඒකේ ඇඩ් එකක් දන්නත් රු.1000.00ට එහා ඕන. එයාලා ඉස්සෙල්ලම ෆ්‍රී දීලා මිනිස්සු අල්ල ගත්තා. දැං අපේ රටේ සල්ලි ඔක්කොම පිටරටට යනවා.


ඉතිං මේ ඉක්මන් එකේ සීමවෙන් එහා මුදල් අය කිරීම නිසා ගොඩාක් අය මේක අත ඇරියා. ඊට පස්සේ අලුත් වෙබ්සයිට් ගොඩක් බිහි වුණා ඒ වගේ. ගොඩාක් ඒවා ෆෙමස් වුනේ නෑ. මොකද වෙබ් සයිට් එක මිනිස්සුන්ගේ හිතට ඇල්ලුවේ නෑ. ගොඩාක් වෙබ් ඩිසයින් කොම්පැනි උපරිම කැපකිරීමෙන් වැඩ කරනවා. හැබැයි ගනන් නම් ටිකක් වැඩී. එකත් කමක් නෑ. හැබැයි සමහර අය කස්ටමර්ට වෙබ් ගැන දැනුමක් නැත්තම් එහෙන් මෙහෙන් අටවලා දෙනවා. පස්සේ වෙබ් එකේ අව්ලක් උනාම සෙර්විස් එකක් දෙන්නේ නෑ. ඒ නිසා ගොඩාක් වෙබ් අඩවි මග නතර වුණා.


හැබයි ඔයාලට පුළුවන් නියම ප්‍රමිතියට මේ වගේ වෙබ් එකක් පටන් ගන්න. මිනිස්සුන්ව එකතු කරගන්න. එහෙම කරොතින් ගොඩ යන එක ශුවර්.


ඉතින් මේවගෙන් සල්ලි එන්නේ මෙහෙමයි. පළවෙනි එක තමයි පිරිසක් හදාගත්ත පසු මුදලක් අය කිරීම. හැබැයි මේක සාදාරණ මුදලක් වෙන්න ඕන. උදා. රු.100.00 ට 200.00කට ඇඩ් එකකට අය කරොත් හැමෝම කැමතිවෙයි. ඔයාගෙ ඕඩිශන් එක නිකන්ම් බිල්ඩ් වෙයි.


අනිත් එක තමා ස්පොන්සර් ඇඩ්. එහෙමත් නැත්තම් බූස්ට් ඇඩ්. මේකෙදී වෙන්නේ සාම්න්‍ය ඇඩ් අතරේ කැපී පෙනෙන ඇඩ් එකක් පෙන්වන එක. ඉතින් මේකෙති මුදලක් අය කරගන්න පුලුවන්. අපි හිතමු රු.1000.00 වගේ කියලා එකකට.


තුන්වෙනි එක තමා බැනර් ඇඩ්. මෙකෙදි වෙන්නේ වෙබ්සයිට් එකේ සයිඩ් එකක හොඳ ලස්සන ඇඩ් එකක් පෙන්නනවා හැමෝටම. මේ වැඩේටනම් ලංකාවේ වෙබ් වල සාධාරන ටිකක් ලොකු මුදලක් අය කරනවා.


ඉතින් මේ විදිහට ඔයාට පුලුවන් මාස කිහිපයකින් ලොකු මුදලක් එන වෙබ්සයිට් එක හිමිකාරයෙක් වෙන්න.

ඔයාට පුළුවන් ඒ දවසට සතුටු වෙන්න ආපු ගමන ගැන හිතලා.


eCommerce


මේකෙන් අදහස් වෙන්නේ ඔන්ලයින් භාන්ඩ විකුණන එක. ඔයාට පුළුවන් මේ වගේ වෙබ්සයිට් එකක් හදාගෙන ගෙදර ඉඳන් බඩු විකුණන්න. ෆේස්බූක් එකේ කරනවා වගේ නෙවෙයි. වෙබ්සයිට් එකක් තියෙනවා කියන්නේ ඔයාට හොඳ අනන්‍යතාවයක් තියෙනවා. එතකොට මිනිස්සු ඔබව විශ්වස කරනවා. ඒ විශ්වාසය කඩාගන්නත් එපා.


ඉතිං ඔයාලට කරන්න තියෙන්නේ මොනවා හරි අයිටම් ටිකක් හොයාගෙන මේකේ දාල විකුණන්න. පොස්ට් දෙක තුනක් දැම්මනම් මිනිස්සු ඔයාගෙ වෙබ් සයිට් එකට නිකන්ම් හුරු වෙනවා. ෆේස්බූක් වල ඔයා ප්‍රොඩක්ට් එකක් විකුණන්න දැම්මට මිනිසූ ඒක ගන්න බලගෙන එන්නේ නෑ. සමහර අයට ගන්න ඕන වුණත් ඒ වෙලාවේ අතේ මුදල් නෑ. ඉතිං මිනිස්සු ප්‍රායෝගිකව මේක මතක තියාගෙන ඉඳලා ඔයාගෙන් පස්සෙ අහන්නේ නෑ අරක විකුණලා ඉවරද? අයේ නැද්ද කියලා.


ඉතිං වෙබ්සයිට් එකක් තියෙන එකේ වාසිය තමා මිනිස්සුන්ටඅතක හිටිනවා. උදාහරණයක් විදිහට ඔයාගෙ ව්ව්බ් සයිට් එක abc.com නම් එයාලට පස්සෙ වෙලාවක ඒක ගන්න ඕන උනාම මතක් වෙනවා ආ… එක abc.com එකේ තිබුණා කියලා. එතකොට එයාලට වෙබ් එකට ඇවිත් ඕඩර් එකක් දාන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක 100% සාර්තකයි.


මොනවද ඉතිං විකුණන්නේ?

අදුම්, කොස්මැටික්, ෆෝන් ගැජට් වගේ දේවල් වලට හොඳ මාර්කට් එකක්තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට ඕනම දෙයක් විකුණන්න පුළුවන්.


අපි හිතමු ඔයාලා ලඟ විකුණන්න දෙයක් නෑ කියලා. ඔයාලට පුලුවන් කගෙන් හරි අරන් කොමිස් එකක් තියලා දෙන්න. සරලවම ඔයාලට පුළුවන් ඔයා අඳුරන කඩේක තියන බඩු ටිකක් වෙබ් සයිට් එකට දාන්න. එයාලා මිදල් ගෙවූ පසු ඔයාට පුළුවන් ඒ බඩුව මිලදීගෙන ඩිලිවරි කරන්න. ඉතිං තමන් ලඟ බඩු නෑ කියලා ප්‍රශ්නයක් නෑ. හරිම සරලයි.


ඒ විතරක් නෙවෙයි ඔබේ පාරිභොගිකයෙක්ගෙ කවුරු හරි ඇහුවොත් කොහෙන්ද ඕක ගත්තේ කියලා, අර වෙබ්සයිට් එකෙන් ඔන්ලයින් ගත්තේ කියලා උජාරුවට කියයි. එතකොට ඔයාගේ වෙබ් එක නිකන්ම ප්‍රමෝට් වෙනවා.


Business Website


අපි හිතමු දැනටමත් ඔබට ව්‍යාපාරය් තියෙනවා කියලා. ඔබේ ප්‍රදේශයෙව් හොඳ මාර්කට් එකකුත් ඇති. හැබැයි ඔබ කවදාවත් හිතුවද වෙබ් සයිට් එකක් හදාගත්තොතින් තියෙන වාසිය ගැන?


පළවෙනි දේ තමයි ඔබේ වයාපාරය ලංකාව පුරා ව්‍යාප්ත කරන්න අවස්තාව ලැබෙන එක. එතනින් නවතින්නේ නෑ ඔබට පුළුවන් අන්තර්ජාතික මට්ටමකට යන්න. අපි හිතමු ඔබ සොෆා (පුටු සෙට්) හදනවා කියලා. ඔබ නිකන්ම ෆේස්බූක් එකට නිශ්පාදනය කරන භාන්ඩ නොදා වෙබ් සයිට් එකක් එක්ක දැම්මොත් ඔබ කැපී පෙනෙනවා. ඔබට එන ඕඩර්ස් ගාන වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබව ප්‍රොෆෙශනල් මට්ටමට වැටෙනවා.


මීට අමතරව ඕනෑම කෙනෙකුට පුලුවන් ගෙදර ඉඳන්ම ඔබගේ නිශ්පාදන හෝ භාන්ඩ වල විස්තර නිවසේ සිටම බලාගන්න. වෙබ්සයිට් එකක් තියෙනවානම් ඔබේ ව්‍යාපාරය ඇඟිලි තුඩුවක දුරින් තියෙන්නෙ… ඔබේ ව්‍යාපාරය විශේශ එකක් වේවි. තව දුරටත් ව්‍යාපාරයක් ඇති ඔබට උවත් ඊ කොමස් වෙබ්සයිට් එකක් හදාගත්තොත් හොඳ ආදායමක් තියෙයි. ඉතින් මීට අමතරව ඔයාලට පුලුවන් ඔයාලගෙ වෙබ්සයිට් වල ඩොනේශන් ගන්න. ඔයාගෙ නිර්මාණ හැකියාව හොඳනම් අනිවාර්‍යෙන් ඔබට ඩොනේශන් ලැබෙයි. සමිති සමාගමකට වුණත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්.


ඉතිං දැං තියෙන ලොකුම ප්‍රශ්නේ සල්ලි කොහෙන්ද මේවට කියන එක. ඔයාලා ඊ කොමස් වගේ වෙබ් එකක් ලංකාවේ හදාගන්නවනම් රු.90,000.00 විතර යනවා. හැබයි www.umesh.asia ආයතනෙන් ඔයාලට ඉතාමත් අඩු මුදලකට නිර්මාණය කරගන්න පුළුවන්. සමහර වෙබ් අඩවි රු.10,000.00 කට විතර හදාගන්න පුළුවන්. මීට අමතරව පහසු ගෙවීමෙ ක්‍රමත් තියෙනවා. ඉතිං ඔයාලට වෙබ් එකක් හදාගන්න ඕන නම් අදම ඇමතුමක් දෙන්න.


Copy